WhatsApp 2021 New Features – Sinhala Review

https://www.youtube.com/watch?v=HxY-aduxvsg

ආයුබෝවන්!
අද විඩියෝ එක whatsapp එකේ අලුත්ම features ගැන.
ඔයා අපේ youtube චැනල් එකට ආව මුල්ම වතාව මේකනම්
අපිව subsribe කරලා නැත්නම්
පහල තියන රතුපාට subscribe button එක click කරලා
අපිව subsribe කරන්න
මේ වගේම videos දාපු ගමන් දැනගන්න
bell icon එකත් click කරන්න අමතක නොකර
වොයිස් මැසේජ් වල update කීපයක් ගැනයි මේ කියන්න යන්නේ
අපිට දැන් පුලුවන් වොයිස් මැසේජ් play වෙන speed එක වෙනස් කරන්න
කරන්න තියෙන්නේ පොඩි දෙයයි
වොයිස් මැසේජ් එක play කරලා
මේ විදිහට අවශ්‍ය speed එක වෙනස් කරගන්න
වොයිස් මැසේජ් play කරද්දි
loud speaker එකෙන් හැමෝටම ඇහෙන්න තමයි play වෙන්නේ
වොයිස් මැසේජ් එකේ තියෙන්නේ ඔයා විතරක් අහන්න ඕනි දෙයක් නම්
වොයිස් මැසේජස් play කරලා
ෆෝන් එක කෝල් එකක් answer කරනවා වගේ කනේ තියාගන්න
එතකොට whatsapp එකෙන් මැසේජ් එක play කරන්නේ
ear speaker එකෙන් ඔයාට ඇහෙන්න විතරයි
ඉස්සර වොයිස් මැසේජ් එකක් යවද්දි
අපි mic icon එක click කරගෙන අවශ්‍ය දේ කියලා අතඇරියම තමයි
message එක send වෙන්නේ
හැබැයි දැන් අපිට පුලුවන්
record කරන්න තියන message එක ගොඩක් දිග එකක් නම්
mic icon එක click කරලා උඩට swipe කරන්න
අවශ්‍ය දේ කියලා ඉවර උනාට පස්සේ
send icon එක click කරන්න
record කරන්න ඕනි පොඩි වෙලාවක් නම්
ඉස්සර වගේම mic එක click කරගෙන recording එක කරන්න පුලුවන්
ඒ වගේ වෙලාවකදි recording එක අයින් කරන්න ඕනි නම්
වම් පැත්තට swipe කරාම recording එක අයින්

වෙනවා
ගොඩක් අය whatsapp එක
වෙන ඇප් එකකින් password එකක් දාලා lock කරලා තියාගෙන ඉන්නවා
හැබැයි තවදුරටත් එහෙම කරන්න ඕනි වෙන්නේ නැ
ඔයාට දැන් පුලුවන්
whatsapp එක ඔයාගේ fingerprint එකෙන් විතරක්
unlock වෙන්න පුලුවන් විදිහට lock කරන්න
whatsapp එකේ settings menu එකට යන්න
ඊට පස්සේ account ක්ලික් කරන්න
දැන් privacy ක්ලික් කරන්න
privacy list එකේ යටම තියනවා fingerprint lock කියලා option එකක්
මේක on කරාම fingerprint එක confirm කරන්න කියලා කියනවා
finger print එක on උනාට පස්සේ
app එක automatically ලොක් වෙන්න ඔනි කොහාමද කියලත්
set කරගන්න පුලුවන්
ඒ වගේම ඔයාට message එකක් ආවම
එවපු කෙනාගේ විස්තර
මැසේජ් එක notification වල පෙන්නන්න ඕනිද
නැද්ද කියලත් set කරන්න පුලුවන්
whatsapp හරහා අපි යවන, අපිට එවන
photo, video වගේ දේවල් නිසා නොදැනම phone එකේ memory full වෙනවා
අනවශ්‍ය photo video තෝරලා delete කරන්න
option එකක් whatsapp එකේ තියනවා
app එකේ settings menu එකට යන්න
ඊට පස්සේ storage and data ක්ලික් කරන්න
දැන් manage storage ක්ලික් කරන්න
මුලින්ම තියෙන්නේ whatsapp හරහා ඔයා forward කරලා තියන files
ඊට පස්සේ තියෙන්නේ size එක මෙගාබයිට් 5කට වැඩි files වල list එකක්
අවශ්‍ය chat එක click කරලා
chat එකට අදාල files වෙන වෙනම බලාගන්නත් පුලුවන්
files කීපයක් හරි
එකවර file සේරම හරි select කරලා delete කරගන්න ඔයාට පුලුවන්
මේ feature එකත් කලින් කතා කරපු feature එක වගේම එකක්
අපිට පුලුවන් අපි යවන මැසේජස් දවස් 7කට පස්සේ
auto delete වෙන්න හදන්න
මේ option එක නිසාත්
අපිට phone එකේ memory එක full වෙන එක අඩු කරගන්න පුලුවන්
feature එකේ නම තමයි disappearing messages
මැසේජස් auto delete වෙන්න ඔනි chat එක තෝරලා
උඩ tab එක ක්ලික් කරන්න
දැන් disappearing messages option එක ක්ලික් කරන්න
පහල තියන on option එක ක්ලික් කරන්න
මතක තියාගන්න
option එක on කරාට පස්සේ යවන messages විතරයි
දවස් 7කට පස්සේ auto delete වෙන්නේ
මේ option එක on කරාට පස්සේ
chat එකේ DP එකට යටින් stopwatch එකක icon එකක් පෙන්නනවා
ඒ වගේම ඔයා මේ option එක on කරා කියලත්
අනිත් කෙනාට whatsapp එකේන් notify කරනවා
chat screen එකේ background එකට
අපිට කැමති photo එකක් දාගන්න පුලුවන් කියලා
දැනටමත් ඔයා දන්නවා ඇති කියලා මම හිතනවා
ඒ වගේම අලුතෙන් bright mode, dark mode
වගේ category වලින් wallpapers apply කරන්නත් පුලුවන්
මුලින්ම මම
phone එකේ dark mode එක off කරලා wallpaper එක වෙනස් කරනවා
උඩින් අපිට බලාගන්න පුලුවන් අපි මේ වෙනස් කරන්න යන්නේ
bright mode එකට අදාල wallpaper එක කියල
දැන් dark mode එක on කරලා wallpaper එක වෙනස් කරනවා
කලින් වගේම
උඩින් අපිට බලාගන්න පුලුවන්
අපි මේ වෙනස් කරන්න යන්නේ dark mode එක කියල
ඒ වගේම අපි දාගන්න wallpaper එකේ
dim level එක අඩු වැඩි කරන්නත් පුලුවන්
දැන් අපි බලමු chat එකකට ගිහින්
අපි set කරපු wallpapers කොහොමද පේන්නේ කියලා
සමහර වෙලාවට අපේ chat වල
මොකක් හරි වැදගත් දෙයක් හොයන්න ඕනි උනාම
අපිට ඒකට සෑහෙන වෙලාවක් යනවා
අපිට search හරහාත් අවශ්‍ය දෙයක් හොයාගන්න පුලුවන්
හැබැයි මම දැන් කියන්න යන option එකෙන් පුලුවන්
වැදගත් වෙන messages mark කරලා වෙනම තැනක තියන්න
option එකේ නම තමයි starred messages
option එක වැඩ කරන්නේ මෙහෙමයි
chat එකක message එකක් උඩ click කරගෙන ඉන්න කොට
chat එකේ උඩින්ම toolbar එකක් පේනවා
එතනින් star icon එක ක්ලික් කරන්න
එතකොට අපිට පේනවා message එකේ අගට
star එකක් එකතු වෙලා තියනවා
අපිට අවශ්‍ය නම් messages කීපයක් උනත් මේ විදිහට mark කරන්න පුලුවන්
මේ විදිහට mark කරගන්න messages
chats tab එකේ option menu එකේ
starred messages කියන option එකට ගියාම බලාගන්න පුලුවන්
ඔයාට පුලුවන් whatsapp වලින් ඔයත් එක්කම chat කරන්න
phone එකේ web browser එක open කරලා
wa.me//+94 type කරලා
ඊට පස්සේ ඔයාගේ number එකේ 0 ඇරෙන්න ඉතුරැ අංක ටික (උදා+9477123456)
type කරලා enter කරන්න
මේ page එකෙන් continue to chat ක්ලික් කරන්න
දැන් ඔයාට පුලුවන්
ඔයාට අවශ්‍ය ඕනම දෙයක් chat එක හරහා ඔයාටම send කරගෙන
save කරලා තියාගන්න
මේ ක්‍රමය පාවිච්චි කරලා
කෙනෙක්ගේ number එකක්
ඔයාගේ phone එකේ contact list එකට save කරගන්නේ නැතුව
ඒ කෙනාත් එකක් whatsapp වලින් chat කරන්නත් ඔයාට පුලුවන්
whatsapp chat එකකදි නැතුවම බැරි දෙයක් තමයි stickers කියන්නේ
දැන් අපි බලමු අපේම කියලා stickers හදාගන්නේ කොහොමද කියලා
මේකට අපි install කරගන්න ඕනි sticker maker කියන ඇප් එක
ඇප් එක download කරගන්න link එක description එකේ දාලා තියනවා
app එක open කරලා
create a new sticker pack option එක ක්ලික් කරන්න
sticker pack එකට නමකුයි
ඔයාගේ නමයි type කරලා create ක්ලික් කරන්න
දැන් sticker pack එකේ නම click කරන්න
උඩින්ම තියෙන්නේ sticker pack එකේ icon එක විදිහට මොකක්ද set කරන්න ඕනි කියලා
ඒකට ඔයාට කැමති photo එකක් දාගන්න පුලුවන්
එක sticker pack එකකට stickers 30ක් add කරන්න පුලුවන්
මම එක sticker එකක් හදලා පෙන්නන්නම්
camera එකෙන් photo එකක් අරන් හරි
දැනටමත් gallery එකේ තියන photos වලින් එකක් හරි තෝරගන්න පුලුවන්
smart select option එකෙන් පුලුවන් අපි තෝරගත්ත photo එකේ
background ලේසියෙන්ම එක අයින් කරන්න
මීට අමතරව
මේ tools වලින් අපිට ඕනි විදිහකට photo එකක් crop කරලා ගන්නත් පුලුවන්
දැන් අපි හදාගත්ත sticker pack එක
පහල තියන add to whatsapp button එක click කරලා
whatsapp එකට add කරමු
දැන් අපි whatsapp එකෙන් sticker එකක් chat එකක share කරලා බලමු
whatsapp වල මම මේ කියපු දේවල් වලට අමතරව
ඔයා දන්න වැඩකෑලි අනිත් අයටත් දැනගන්න පහලින් comment කරන්න
වීඩියෝ එක හොදයි නම් like එකකුත් දාන්න
යාලුවොන්ටත් බලන්න share කරන්න
තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බවෙන්නම්
සුභ දවසක් වේවා

%d bloggers like this: